භූත/අධිමානසික විද්‍යාවන්ගෙන් එදිනෙදා දිවියට උදව්

මතකද? අපි ටික කළකට උඩදි කතා කළා හොල්මන්,අවතාර,භූතාත්ම ගැන.
ඒ වෙලාවෙදි බහුතරයක් අපේ මිතුරන්ගේ ස්ථාවරය උනේ,
අප අවට පරිසරයේ එවැනි බලවේග/ආත්ම පැවතිය හැකිබවයි.

හැබැයි ඒ වතාවෙ පිළිනොගත්ත අයට මේ පාර ඒ ගැන තවදුරටත් සලකාබලන්න වෙයි.
මොකද... අද මම කියන්න යන්නේ ඔබටම අත්හදා බැලියහැකි භූත/අධිමානසික විද්‍යාවන්ගේ ‍ප්‍රායෝගික භාවිතයක් ගැන.

පෙන්ඩියුලම් ‍‍ඩොසින් ක්‍රමය (pendulum dowsing method)

මේ පෙන්ඩියුලම් ඩොසින් ක්‍රමය මඟින් යම් ගැටළුව‍කට පිළිතුරක් ලබාගැනීම, නැතිවූ යමක් සොයාගැනීම ආදී සහායන් ලබාගන්නට පුළුවන්

මුලින්ම ඔබට කරන්න තියෙන්නේ Professor Calculusගේ වගේ ලඹයක් සාදාගන්න එකයි.
සෙන්ටි මීටර 20 ක් පමණ දිග නූල් කැබැල්ලකට ග්රෑම් කිහිපයක් බර ලෝහ කැබැල්ලක් එල්ලා ‍ගැනීම හොඳටම ප්‍රමාණවත්.
දැන් මේසයක් මත සුදු කොළයක් තබා එයට ඉහලින් සිටිනසේ ඔබගේ පෙන්ඩියුලම(ලඹය) අල්ලාගන්න.
ඉන්පසුව ඔබගේ පෙන්ඩියුලම ඇමතීම අරඹන්න.
මෙ‍ම ක්‍රමයෙන් අපට උත්තර ලැබෙන්නෙ "ඔවු" හෝ "නැහැ" විදිහටයි.ඒනිසා ඔක්කොටම කලින් pendulum එකේ output, define කරගන්න ඕනෙ. :D

ඒකට, හිත හොඳට සන්සුන් කරගෙන පෙන්ඩියුලමෙන් මෙහෙම අහන්න.

"පෙන්ඩියුලම මට කියන්න, ඔයා ඔව් කියල පෙන්වන්නෙ කොහොමද කියල..."
එවිට පෙන්ඩියුලම සෙමින් සෙමින් යම් දිශාවකට පැද්දීම ඇරඹේවි. ක්‍රමයෙන් විස්තාරය වැඩි වේවි. සමහර විටෙක රවුමට යම් අතකට ‍කැරකේවි. එලෙස දැක්වුනු දිශාව හෝ කැරකුණු අත (වමාවර්ත/දක්ෂිණාවර්ත) කොළයේ සටහන් කරගන්න. යළි එලෙසම ඔබගේ පෙන්ඩියුලම "නැහැ" යන්න පෙන්වන ආකාරය සටහන් කරගන්න.

දැන් ඔබගේ පෙන්ඩියුලම පිළිතුරු සැපයීමට සූදානම්. ඔබගේ ගැටළු සරළ බසින් පැහැදිළිව පෙන්ඩියුලම‍ට ඉදිරිපත් කරන්න.
පෙන්ඩියුලම සෙමෙන් පැද්දෙන විට පැහැදිළිව පිළිතුර දක්වන්නට වේගයෙන් පැද්දෙන්න ලෙස ඔබට ආරාධනා කරන්න පුළුවන්.
යම්විටෙක ඔබේ සිතුවිලි අනුව පෙන්ඩියුලම චලනය වියහැකි නිසා ඒ පිළිබඳ සැළකිළිමත් වීම වැදගත්.
නැතිවුණ යමක් සොයාදෙන ලෙස ඉල්ලූවිට, පෙන්ඩියුලම එම නැතිවූ භාන්ඩය දෙසට චලනය වෙවි.


මේ ක්‍රමය බොහො කලක සිට භාවිතාවන සරළම ක්‍රමයක්.
අභ්‍යවකාෂ ගවේෂකයින්, වෛද්‍යවරුන්, ආරකෂක හමුදාවන්, ඛනිජ කැනීම් කරන්නන්, අපි නොසිතන මහා විද්‍යාඥයින්/ආයතන පවා විසඳුමක් ලබා ගැනීමට අසීරු අවස්ථා වලදී පෙන්‍ඩියුලමේ සහය පතනවා. නමුත්, මේ ක්‍රියාව සිදුවන්නේ භූතාත්ම වල සහයෙන්ද, නැතිනම් අතීන්ද්‍රිය ඥානයේ සහායෙන් ද යන්න තවමත් ගැටළුවක්.
අනෙකුත් ක්‍රම වලදී මෙන් අමුනුෂ්‍ය බලවේග වලින් විවිධ බලපෑම්/කරදර වූ බවට අසන්නට ලැබෙන්නේ නම් නැහැ.
තවත් මෙවැනි බොහෝ ක්‍රම තියෙනවා ඉදිරියේදී අපි ඒගැනත්  කථා කරමු.
ඔබගේ අදහස් අත්දැකීම් comment කරන්න. අනෙක් අයටත් වැදගත් වේවි.

21 comments:

සමීර said...

මමත් මෙය අත්හදා බලලා තියෙනවා. තරමක් දුරට සාර්ථක ක්‍රමයක් කියන්න පුලුවන්.

Chanaka Aruna Munasinghe said...

අතින් අල්ලගෙන ඉන්නෙ නැතුව එල්ලා තැබුවොත් මොකද ?

නදී said...

හ්ම්ම්...මම් කරල බලලා නම් නෑ...ඒත්?

ඉන්දික said...

මගේ අදහසක් විතරයි මේක, මේක වෙන්නෙ අතේ වෙවුලීම හින්ද කීවොත්?

Roshanherath said...

මේක සාර්ථක ක්‍රමයක්ද?

නාට්‍යකාරයා said...

මමත් විස්වාස කරනවා මේක තරමක් සාර්ථක ක්‍රමයක් කියලා. මඩවල උපාලි හාමුදුරුවෝ ලියලා තියෙනවා "අධිමානසික විද්‍යාව" කියලා පොතක් එකේ ඔය දේවල් උදාහරණත් එක්ක පහදලා තියෙනවා.... හොද වැඩක් සහෝ .....

Anonymous said...

nice

Anonymous said...

for all computer and internet problems
http://www.internetgadgetandtricks.blogspot.com/

අශෙන් මලින්ද said...

ශා ට්‍රයි කරන කෙල්ල කැමතිද කියලා හොයාගන්න පුලුවන්. එල නොවැ තැන්කු තැන්කු

Anonymous said...

ela machan. meka mama ran malekin karala thiyenawa. eke hewwe lami kiyada kiyala. ane manda eka rumatath karakuna.

Ami93 said...

wow! try 1k deelama balanna one :D

Anonymous said...

මෙය කොහෙත්ම අධිමානසික කේස් එකක් නොවේ! මෙය සිදුවන්නේ පේශිවල අනිච්ඡානුග ක්‍රියාවන් නිසාය.

මෝහන ප්‍රතිකාර සිදු කිරීමට පෙර රෝගියා (මේ වදන එතරම් සාධාරණ නැත- හරි එකSubject) මොහනයට ප්‍රතිචාර දක්වයිද යන්න මැනීමට මෙවැනි පරීක්ෂා භාවිතා වේ

Unknown said...

නියමයි මචන්...........

sanka rox said...

අත් හදා බලන ගමන්

pansilu said...

mamath meka kala. mama ahuwa kella mata kemathi weida kiyala. mata ow kiyala uththara dunna. mama kellagen ahuwa . kella aththatama kemathi una.

Anonymous said...

Kauru Kohoma kiuwath thamanma ath hada balalama therum ganna yaaluwane, habai notherum kama nisa yamak halluwata aran eka eka kathaa kiyana eka nan honda naha neda? meka wihiluwak nan nemei, habai OUIJA BOARD eke wage Bootha balapaamak nan meke naha.

Boothapaala said...

OUIJA BOARD eka nan nodanna kamata try karanna yannepaa yaaluwane. eka nan wihiluwata ganna epa kiyalai mage hangeema.

Aruna Telshan said...

OUIJA BOARD kiyanne mokakda?

SriMal Videos said...

මෙික ඇත්තටම හරි යනවද?
ඹයා අත්හද‍ා බැලුවේ නැද්ද?

RANDEW GURUKULAYA said...

මෙය ඉතා සාර්ථක ක්‍රමයක් ඔබ විස්තර කර ඇත්තේ ඉතා සරල අවස්ථාවක් පමණයි. මෙය දීර්ඝකාලීනව ප්‍රගුණකර බලන්න.

RANDEW GURUKULAYA said...

මෙය ඉතා සාර්ථක ක්‍රමයක් ඔබ විස්තර කර ඇත්තේ ඉතා සරල අවස්ථාවක් පමණයි. මෙය දීර්ඝකාලීනව ප්‍රගුණකර බලන්න.

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........

Related Posts with Thumbnails