ළංවුනොත් විදල මරනවා..............

මතකද ඉස්සර 5 වසර ශිෂ්‍යත්ව පන්තියෙදි ඉගෙන ගත්ත ලං.වි.ම. කියන එකේ තේරුම.
අපේ ගුරුතුමී ඔය අභ්‍යස ක‍ළේ හරිම විනෝද ජනක විදිහකට.
"ළමා....යි කියන්න බලන්න ලං.වි.ම. කියන්නේ මොකටද කියලා...."
එතකොටම කළින් පන්ති ගියපු එකෙක් පැනල දෙනවා මෙන්න මෙහෙම
"අයියෝ ටීච ලං.වි.ම. කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලයටනේ...."
එතකොට අපේ ගුරුතුමී අරූට return එක දෙන්නේ මෙන්න මෙහෙමයි.
"නෑ නෑ පුතා ලං.වි.ම. කියන්නේ ලංවුනොත් විදල මරනවා කියන එකයි."

මතකද අපිට ඔය වගේ විහිලුවට හදපු කෙටි නම් set එකක්ම තිබ්බා
කියමු බලන්න එහෙනම් මේවගේ තේරුම
රා.සේ.පි.
ක.මෙ.බ.ක.
තව තිබ්බ, මතකනෑ, මතක එවුව comment කරන්නකෝ

ආ... ඕක නෙමෙයි කියන්න හැදුවේ.
විදුලිය කියන්නේ හරිම භයානක දෙයක්. ආයෙ හිතකි පපුවක් තියන එකක්යැ.
විදලම තමා මරන්නේ.

මේ ඉන්නේ අධිවෝල්ටීයතා රැහැනක තඔ කම්බි හොරෙන් කපාගන්න හදපු ඩබලක්.
ලේසි නෑ පහක් දහයක් කපාගත්තනම් සල්ලි තමයි.
කළිනුත් පණබේරගෙන කම්බි වලට සුද්දය දීල තියෙනවා.
ඒත් මේ පාරනම් වැ‍‍ඩේ වරද්දගෙන.

සංවේදී අයට නම් පින්තූර ටික බලන්න අමාරුවෙයි.
ඒනිසා පින්තූර ටික හැංගුවා.
මේක අර SUICIDE! කථාවෙ වගේ විහි‍ලුවක් නම් නෙවෙයි.

පින්තූර ටික පෙන්වන්න

Click on images to enlarge
Copper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boys

4 comments:

Waruna M Ritigahapola said...

ලං. ග. ම - ලං උනොත් ගහල මරනවා.
C.T.B - සිලෝන් ටකරන් බස්.
රා . සේ . පි - රා සේරම පිරිමින්ටයි.

Anonymous said...

රා . සේ . පි - රාක්කේ සේරම පිඟන්

රතු මුහුද said...

මොකද මේ එකපාරට 5 වසරට ගියේ...

සමීර said...

ක.මෙ.බ.ක. - කාගෙද මේ බස්එක කබල්

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........

Related Posts with Thumbnails