ළංවුනොත් විදල මරනවා..............

මතකද ඉස්සර 5 වසර ශිෂ්‍යත්ව පන්තියෙදි ඉගෙන ගත්ත ලං.වි.ම. කියන එකේ තේරුම.
අපේ ගුරුතුමී ඔය අභ්‍යස ක‍ළේ හරිම විනෝද ජනක විදිහකට.
"ළමා....යි කියන්න බලන්න ලං.වි.ම. කියන්නේ මොකටද කියලා...."
එතකොටම කළින් පන්ති ගියපු එකෙක් පැනල දෙනවා මෙන්න මෙහෙම
"අයියෝ ටීච ලං.වි.ම. කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලයටනේ...."
එතකොට අපේ ගුරුතුමී අරූට return එක දෙන්නේ මෙන්න මෙහෙමයි.
"නෑ නෑ පුතා ලං.වි.ම. කියන්නේ ලංවුනොත් විදල මරනවා කියන එකයි."

මතකද අපිට ඔය වගේ විහිලුවට හදපු කෙටි නම් set එකක්ම තිබ්බා
කියමු බලන්න එහෙනම් මේවගේ තේරුම
රා.සේ.පි.
ක.මෙ.බ.ක.
තව තිබ්බ, මතකනෑ, මතක එවුව comment කරන්නකෝ

ආ... ඕක නෙමෙයි කියන්න හැදුවේ.
විදුලිය කියන්නේ හරිම භයානක දෙයක්. ආයෙ හිතකි පපුවක් තියන එකක්යැ.
විදලම තමා මරන්නේ.

මේ ඉන්නේ අධිවෝල්ටීයතා රැහැනක තඔ කම්බි හොරෙන් කපාගන්න හදපු ඩබලක්.
ලේසි නෑ පහක් දහයක් කපාගත්තනම් සල්ලි තමයි.
කළිනුත් පණබේරගෙන කම්බි වලට සුද්දය දීල තියෙනවා.
ඒත් මේ පාරනම් වැ‍‍ඩේ වරද්දගෙන.

සංවේදී අයට නම් පින්තූර ටික බලන්න අමාරුවෙයි.
ඒනිසා පින්තූර ටික හැංගුවා.
මේක අර SUICIDE! කථාවෙ වගේ විහි‍ලුවක් නම් නෙවෙයි.

පින්තූර ටික පෙන්වන්න

Click on images to enlarge
Copper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boys

‍ඉරාජ්, පොලිසිය, ආණ්‍ඩුව සහ සංගීතය

කළා කරුවෙක් කියන්නේ මාධ්‍යවේදියා තරම්ම
රටක පොදු ජන මනස හදන්නට දායක වන සාධකයක්.
නමුත් අපේ රටේ දැන් එහෙම පිරිසක් ඉන්නවද?.
80 ගණන් වලදී නම් රටේ පාලන තන්ත්‍රය විවේචවය කරන්න තරම් කොන්දක්
විශාරද නන්දා මාලනිය වගේ අයට තිබුණා.
වරෙක එතුමියගෙ ගීත කිහිපයක් වාරණයට පවා ලක්වුනා.

මම ඉරාජ් වීරරත්න කියන සංගීත අධ්‍යක්ෂ වරයා
පණ්ඩිත් අමරදේවයන් තරම්ම දක්ෂයි කියන්නේ නැහැ.
නමුත් ඒ කොලු ගැටයටත් ස්වර ටිකක්/සද්ද ටිකක් එහෙට මෙහෙට කරළ...
සින්දුවක් හදා ගන්න පුළුවන්.
ඉරාජ් කරන්නේ music business එකක්.
ඒත්, මට කියන්න ඕන මේකයි. ඉරාජ් ප්‍රසස්ති ගැයුවේ නැහැ.
නහුතයක් සින්දු හැදුවට අන්තිමේදි 2011 ක්‍රිකට් ලොක කුසලානයේදී
ක්‍රිකට් සින්දුවක් විදිහට අපිට ගෙනියන්න තිබුනේ
ඉරාජ්ගේ lion nation ගීතය
විතරයි.
අවශ්‍ය තැනදී රට වෙනුවෙන් සින්දුවක් දෙකක් හැදුවා. හැබැයි ඒව ප්‍රශස්ති නෙවෙයි.
අපේ රටේ අහේතුවට විශාරද නන්දාමාලනිය එදා කරපු වැ‍‍‍‍‍ඩේ කරන්න අද ඉන්නේ ඉරාජ් වීරරත්න පමණයි.

ඉරාජ් ඊයෙ (2011 අගොස්තු 4) පොලිසිය-Policiya ගීතයේ වී‍ඩියෝව නිකුත් කළා
මෙම ගීතයේ Audio එක නිකුත් කළේ
පොලිසිය විසින් කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයන්ට ප්‍රහාරය එල්ල කිරීමට
දිනකට හෝ දෙකකට පෙරයි.


අලුත් වීඩියෝවට මගේ සුභ පැතුම්!!

Iraj Weeraratne's Policiya (Official Music Video)

තියෙන දුක තමයි මහලොකු විප්ලව කාරී ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා එකක් වත් ඔවුන්ගේ ගුවන් කාලය ඉරාජ් වීරරත්නට ලබාදෙන්නේ නැහැ.



☠ ☠ ☠ ☠ ඉරාජ් කරපු තවත් ගුටිකන වැ‍ඩක් ☠ ☠ ☠ ☠



ජපනගෙ කැත හිත

මේ තියෙන්නේ ‍ජපානයේ කොච්චි වල ප්‍රදර්ශණය කරළ තියන දැන්වීමක්.



පූළුවන්නම් කියමු බලන්න, ජපන්නු මොවද මේ කියල තියෙන්නේ කියල?????.
(උත්තරේ පහලින් comment කරන්න)

!! මේක හැබැයි මේ වගේ එකක් නම් නෙවෙයි !!
page 1 bookmark කරගන්න උත්තරේ තව ටිකකින් කියන්නම්.

පිළිතුර පෙන්වන්න


ප.ලි. -
කැත හිත ?? නෑ නෑ ‍ජපන මේක බොහොම සත් භාවයෙන් කරපු වැඩක්
මං කියන්න ඕනෙ නැහැ හරි උත්තරේ ඕං unknown මහතා දීල තියෙනවා...




Related Posts with Thumbnails