dot XXX, ICANN සහ porn sites



commercial සඳහා .com, organization සඳහා .org වගේ ඔන්න වැඩිහිටියන් සඳහා පමණක් වන අන්තර්ගතයන් සහිත වෙබ් අඩවි (porn web site) සඳහාත්  domain TLD extension එකක් හදූන්වාදීල
.xxx 
තාම කරළියට ආවෙනැතත් අවශ්‍ය අයට දැන් මේ TLD extension සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. අර .co ආපු දවස්වලදි වගේ GoDaddy එකේ උඩදාගෙන .xxx විකුණනව. අවුරුද්දකට 99.99$ අයකරනවලු


ICANN එක මූලිකවම මේ TLD extension එක හඳුන්වා දීමට තීරණය කළේ  මෙමඟින් අසභ්‍ය වෙබ් අඩවි පහසුවෙන් හැසිරවීමේ හැකියාව ඇතිවනනිසායි. එමනිසා තවදුරත් යමෙකු අහඹු ලෙස/නොදැනුවත්ව අසභ්‍ය වෙබ් අඩවිවෙත පිවිසීම වැලකෙනවා. කුඩා දරුවන් අසභ්‍ය වෙබ් අඩවිවෙත පිවිසීම පහසුවෙන්ම සීමා කරගන්නට මෙමඟින් හැකි වෙනවා.

හැබැයි .xxx පැමිණීමත් සමඟ අවුල් ‍ගොඩක් ඇති උනා. මේ සඳහා ඕනෑම අයෙකුට ලියාපදීංචිවිය හැකි නිසා සමහර පිරිස් ප්‍රසිද්ධ වෙළඳ නාම දැනටමත් ලියාපදිංචි කරගෙන. ඒ වගෙම මේහි අවදානම තේරුම් ගත් ව්‍යයාපාර,පාසල්,විශ්වවිද්‍යාල ලක්ෂ ගණනින් මුදල් වියදම් කරල  තමන්ගේ ආයතන වල නම හැඟවෙන සියළුම .xxx domain ලියාපදිංචි කරල. මෙහෙම ගියොත් නම් අර මූලික පරමාර්ථය කැලේ. GoDaddy වගේ සයිට් වල මල්ල බර වෙන එක තමයි අන්තිමට වෙන්නේ

මේ ගැටළුව නිසා ආයතන කිහිපයක් ICANN ට එරෙහිව නීතිමය පියවර ගන්නට සූදානමක් තියෙන බවත් ආරංචියි.
කොහොමද ඔයාගෙ නමට හරි ඔයාගෙ ව්‍යයාපාරයෙ නමට .xxx වෙබ් සයිට් ‍එකක් පටන්ගත්තොත්!


නිකං ඉන්න බැරුවට, මොනවද ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද කියල මාත් ගිහින් බැලුව. ‍srilanka.xxx එකේ මොනව දාන්නද ඉතින්. ඔන්න යාළුවනේ ගන්නවනම් domain 2 ක්. ඔකෙ ඉතින් වැල දාන්නම ඕනෙ නෑනෙ. කට්ටය ‍පෝළිමේ එයි!



2 comments:

amila said...
This comment has been removed by a blog administrator.
Dedunu Dhananjaya said...

mama tiyana ekata gewannet amaruwen 99.99 ammo epa

Post a Comment

අදහස් නම් අපිට හුගාක් වටිනවා.........

Related Posts with Thumbnails