dot XXX, ICANN සහ porn sites



commercial සඳහා .com, organization සඳහා .org වගේ ඔන්න වැඩිහිටියන් සඳහා පමණක් වන අන්තර්ගතයන් සහිත වෙබ් අඩවි (porn web site) සඳහාත්  domain TLD extension එකක් හදූන්වාදීල
.xxx 
තාම කරළියට ආවෙනැතත් අවශ්‍ය අයට දැන් මේ TLD extension සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. අර .co ආපු දවස්වලදි වගේ GoDaddy එකේ උඩදාගෙන .xxx විකුණනව. අවුරුද්දකට 99.99$ අයකරනවලු


ICANN එක මූලිකවම මේ TLD extension එක හඳුන්වා දීමට තීරණය කළේ  මෙමඟින් අසභ්‍ය වෙබ් අඩවි පහසුවෙන් හැසිරවීමේ හැකියාව ඇතිවනනිසායි. එමනිසා තවදුරත් යමෙකු අහඹු ලෙස/නොදැනුවත්ව අසභ්‍ය වෙබ් අඩවිවෙත පිවිසීම වැලකෙනවා. කුඩා දරුවන් අසභ්‍ය වෙබ් අඩවිවෙත පිවිසීම පහසුවෙන්ම සීමා කරගන්නට මෙමඟින් හැකි වෙනවා.

හැබැයි .xxx පැමිණීමත් සමඟ අවුල් ‍ගොඩක් ඇති උනා. මේ සඳහා ඕනෑම අයෙකුට ලියාපදීංචිවිය හැකි නිසා සමහර පිරිස් ප්‍රසිද්ධ වෙළඳ නාම දැනටමත් ලියාපදිංචි කරගෙන. ඒ වගෙම මේහි අවදානම තේරුම් ගත් ව්‍යයාපාර,පාසල්,විශ්වවිද්‍යාල ලක්ෂ ගණනින් මුදල් වියදම් කරල  තමන්ගේ ආයතන වල නම හැඟවෙන සියළුම .xxx domain ලියාපදිංචි කරල. මෙහෙම ගියොත් නම් අර මූලික පරමාර්ථය කැලේ. GoDaddy වගේ සයිට් වල මල්ල බර වෙන එක තමයි අන්තිමට වෙන්නේ

මේ ගැටළුව නිසා ආයතන කිහිපයක් ICANN ට එරෙහිව නීතිමය පියවර ගන්නට සූදානමක් තියෙන බවත් ආරංචියි.
කොහොමද ඔයාගෙ නමට හරි ඔයාගෙ ව්‍යයාපාරයෙ නමට .xxx වෙබ් සයිට් ‍එකක් පටන්ගත්තොත්!


නිකං ඉන්න බැරුවට, මොනවද ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද කියල මාත් ගිහින් බැලුව. ‍srilanka.xxx එකේ මොනව දාන්නද ඉතින්. ඔන්න යාළුවනේ ගන්නවනම් domain 2 ක්. ඔකෙ ඉතින් වැල දාන්නම ඕනෙ නෑනෙ. කට්ටය ‍පෝළිමේ එයි!



ඇසින්දුටු වන්ගේ හෘද සාක්ෂිය හැමවිටම ඇත්තද?

වර්තමාන ලෝකයේ යම් තීරණයකට එළඹී‍දී ප්‍රධානම හා මූලිකම සාධකයන් කරගන්‍ නේ ඇසින් දුටු ‍‍‍‍‍‍දර්ශන. බලන්න මුල් ඡායාරූපය දිහා විතරක් බලල අපි නිගමනයකට එළඹුනානම්......








භූත/අධිමානසික විද්‍යාවන්ගෙන් එදිනෙදා දිවියට උදව්

මතකද? අපි ටික කළකට උඩදි කතා කළා හොල්මන්,අවතාර,භූතාත්ම ගැන.
ඒ වෙලාවෙදි බහුතරයක් අපේ මිතුරන්ගේ ස්ථාවරය උනේ,
අප අවට පරිසරයේ එවැනි බලවේග/ආත්ම පැවතිය හැකිබවයි.

හැබැයි ඒ වතාවෙ පිළිනොගත්ත අයට මේ පාර ඒ ගැන තවදුරටත් සලකාබලන්න වෙයි.
මොකද... අද මම කියන්න යන්නේ ඔබටම අත්හදා බැලියහැකි භූත/අධිමානසික විද්‍යාවන්ගේ ‍ප්‍රායෝගික භාවිතයක් ගැන.

පෙන්ඩියුලම් ‍‍ඩොසින් ක්‍රමය (pendulum dowsing method)

මේ පෙන්ඩියුලම් ඩොසින් ක්‍රමය මඟින් යම් ගැටළුව‍කට පිළිතුරක් ලබාගැනීම, නැතිවූ යමක් සොයාගැනීම ආදී සහායන් ලබාගන්නට පුළුවන්

මුලින්ම ඔබට කරන්න තියෙන්නේ Professor Calculusගේ වගේ ලඹයක් සාදාගන්න එකයි.
සෙන්ටි මීටර 20 ක් පමණ දිග නූල් කැබැල්ලකට ග්රෑම් කිහිපයක් බර ලෝහ කැබැල්ලක් එල්ලා ‍ගැනීම හොඳටම ප්‍රමාණවත්.
දැන් මේසයක් මත සුදු කොළයක් තබා එයට ඉහලින් සිටිනසේ ඔබගේ පෙන්ඩියුලම(ලඹය) අල්ලාගන්න.
ඉන්පසුව ඔබගේ පෙන්ඩියුලම ඇමතීම අරඹන්න.
මෙ‍ම ක්‍රමයෙන් අපට උත්තර ලැබෙන්නෙ "ඔවු" හෝ "නැහැ" විදිහටයි.ඒනිසා ඔක්කොටම කලින් pendulum එකේ output, define කරගන්න ඕනෙ. :D

ඒකට, හිත හොඳට සන්සුන් කරගෙන පෙන්ඩියුලමෙන් මෙහෙම අහන්න.

"පෙන්ඩියුලම මට කියන්න, ඔයා ඔව් කියල පෙන්වන්නෙ කොහොමද කියල..."
එවිට පෙන්ඩියුලම සෙමින් සෙමින් යම් දිශාවකට පැද්දීම ඇරඹේවි. ක්‍රමයෙන් විස්තාරය වැඩි වේවි. සමහර විටෙක රවුමට යම් අතකට ‍කැරකේවි. එලෙස දැක්වුනු දිශාව හෝ කැරකුණු අත (වමාවර්ත/දක්ෂිණාවර්ත) කොළයේ සටහන් කරගන්න. යළි එලෙසම ඔබගේ පෙන්ඩියුලම "නැහැ" යන්න පෙන්වන ආකාරය සටහන් කරගන්න.

දැන් ඔබගේ පෙන්ඩියුලම පිළිතුරු සැපයීමට සූදානම්. ඔබගේ ගැටළු සරළ බසින් පැහැදිළිව පෙන්ඩියුලම‍ට ඉදිරිපත් කරන්න.
පෙන්ඩියුලම සෙමෙන් පැද්දෙන විට පැහැදිළිව පිළිතුර දක්වන්නට වේගයෙන් පැද්දෙන්න ලෙස ඔබට ආරාධනා කරන්න පුළුවන්.
යම්විටෙක ඔබේ සිතුවිලි අනුව පෙන්ඩියුලම චලනය වියහැකි නිසා ඒ පිළිබඳ සැළකිළිමත් වීම වැදගත්.
නැතිවුණ යමක් සොයාදෙන ලෙස ඉල්ලූවිට, පෙන්ඩියුලම එම නැතිවූ භාන්ඩය දෙසට චලනය වෙවි.


මේ ක්‍රමය බොහො කලක සිට භාවිතාවන සරළම ක්‍රමයක්.
අභ්‍යවකාෂ ගවේෂකයින්, වෛද්‍යවරුන්, ආරකෂක හමුදාවන්, ඛනිජ කැනීම් කරන්නන්, අපි නොසිතන මහා විද්‍යාඥයින්/ආයතන පවා විසඳුමක් ලබා ගැනීමට අසීරු අවස්ථා වලදී පෙන්‍ඩියුලමේ සහය පතනවා. නමුත්, මේ ක්‍රියාව සිදුවන්නේ භූතාත්ම වල සහයෙන්ද, නැතිනම් අතීන්ද්‍රිය ඥානයේ සහායෙන් ද යන්න තවමත් ගැටළුවක්.
අනෙකුත් ක්‍රම වලදී මෙන් අමුනුෂ්‍ය බලවේග වලින් විවිධ බලපෑම්/කරදර වූ බවට අසන්නට ලැබෙන්නේ නම් නැහැ.
තවත් මෙවැනි බොහෝ ක්‍රම තියෙනවා ඉදිරියේදී අපි ඒගැනත්  කථා කරමු.
ඔබගේ අදහස් අත්දැකීම් comment කරන්න. අනෙක් අයටත් වැදගත් වේවි.

ළංවුනොත් විදල මරනවා..............

මතකද ඉස්සර 5 වසර ශිෂ්‍යත්ව පන්තියෙදි ඉගෙන ගත්ත ලං.වි.ම. කියන එකේ තේරුම.
අපේ ගුරුතුමී ඔය අභ්‍යස ක‍ළේ හරිම විනෝද ජනක විදිහකට.
"ළමා....යි කියන්න බලන්න ලං.වි.ම. කියන්නේ මොකටද කියලා...."
එතකොටම කළින් පන්ති ගියපු එකෙක් පැනල දෙනවා මෙන්න මෙහෙම
"අයියෝ ටීච ලං.වි.ම. කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලයටනේ...."
එතකොට අපේ ගුරුතුමී අරූට return එක දෙන්නේ මෙන්න මෙහෙමයි.
"නෑ නෑ පුතා ලං.වි.ම. කියන්නේ ලංවුනොත් විදල මරනවා කියන එකයි."

මතකද අපිට ඔය වගේ විහිලුවට හදපු කෙටි නම් set එකක්ම තිබ්බා
කියමු බලන්න එහෙනම් මේවගේ තේරුම
රා.සේ.පි.
ක.මෙ.බ.ක.
තව තිබ්බ, මතකනෑ, මතක එවුව comment කරන්නකෝ

ආ... ඕක නෙමෙයි කියන්න හැදුවේ.
විදුලිය කියන්නේ හරිම භයානක දෙයක්. ආයෙ හිතකි පපුවක් තියන එකක්යැ.
විදලම තමා මරන්නේ.

මේ ඉන්නේ අධිවෝල්ටීයතා රැහැනක තඔ කම්බි හොරෙන් කපාගන්න හදපු ඩබලක්.
ලේසි නෑ පහක් දහයක් කපාගත්තනම් සල්ලි තමයි.
කළිනුත් පණබේරගෙන කම්බි වලට සුද්දය දීල තියෙනවා.
ඒත් මේ පාරනම් වැ‍‍ඩේ වරද්දගෙන.

සංවේදී අයට නම් පින්තූර ටික බලන්න අමාරුවෙයි.
ඒනිසා පින්තූර ටික හැංගුවා.
මේක අර SUICIDE! කථාවෙ වගේ විහි‍ලුවක් නම් නෙවෙයි.

පින්තූර ටික පෙන්වන්න

Click on images to enlarge
Copper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boysCopper cable stealing boys

‍ඉරාජ්, පොලිසිය, ආණ්‍ඩුව සහ සංගීතය

කළා කරුවෙක් කියන්නේ මාධ්‍යවේදියා තරම්ම
රටක පොදු ජන මනස හදන්නට දායක වන සාධකයක්.
නමුත් අපේ රටේ දැන් එහෙම පිරිසක් ඉන්නවද?.
80 ගණන් වලදී නම් රටේ පාලන තන්ත්‍රය විවේචවය කරන්න තරම් කොන්දක්
විශාරද නන්දා මාලනිය වගේ අයට තිබුණා.
වරෙක එතුමියගෙ ගීත කිහිපයක් වාරණයට පවා ලක්වුනා.

මම ඉරාජ් වීරරත්න කියන සංගීත අධ්‍යක්ෂ වරයා
පණ්ඩිත් අමරදේවයන් තරම්ම දක්ෂයි කියන්නේ නැහැ.
නමුත් ඒ කොලු ගැටයටත් ස්වර ටිකක්/සද්ද ටිකක් එහෙට මෙහෙට කරළ...
සින්දුවක් හදා ගන්න පුළුවන්.
ඉරාජ් කරන්නේ music business එකක්.
ඒත්, මට කියන්න ඕන මේකයි. ඉරාජ් ප්‍රසස්ති ගැයුවේ නැහැ.
නහුතයක් සින්දු හැදුවට අන්තිමේදි 2011 ක්‍රිකට් ලොක කුසලානයේදී
ක්‍රිකට් සින්දුවක් විදිහට අපිට ගෙනියන්න තිබුනේ
ඉරාජ්ගේ lion nation ගීතය
විතරයි.
අවශ්‍ය තැනදී රට වෙනුවෙන් සින්දුවක් දෙකක් හැදුවා. හැබැයි ඒව ප්‍රශස්ති නෙවෙයි.
අපේ රටේ අහේතුවට විශාරද නන්දාමාලනිය එදා කරපු වැ‍‍‍‍‍ඩේ කරන්න අද ඉන්නේ ඉරාජ් වීරරත්න පමණයි.

ඉරාජ් ඊයෙ (2011 අගොස්තු 4) පොලිසිය-Policiya ගීතයේ වී‍ඩියෝව නිකුත් කළා
මෙම ගීතයේ Audio එක නිකුත් කළේ
පොලිසිය විසින් කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයන්ට ප්‍රහාරය එල්ල කිරීමට
දිනකට හෝ දෙකකට පෙරයි.


අලුත් වීඩියෝවට මගේ සුභ පැතුම්!!

Iraj Weeraratne's Policiya (Official Music Video)

තියෙන දුක තමයි මහලොකු විප්ලව කාරී ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා එකක් වත් ඔවුන්ගේ ගුවන් කාලය ඉරාජ් වීරරත්නට ලබාදෙන්නේ නැහැ.



☠ ☠ ☠ ☠ ඉරාජ් කරපු තවත් ගුටිකන වැ‍ඩක් ☠ ☠ ☠ ☠



ජපනගෙ කැත හිත

මේ තියෙන්නේ ‍ජපානයේ කොච්චි වල ප්‍රදර්ශණය කරළ තියන දැන්වීමක්.



පූළුවන්නම් කියමු බලන්න, ජපන්නු මොවද මේ කියල තියෙන්නේ කියල?????.
(උත්තරේ පහලින් comment කරන්න)

!! මේක හැබැයි මේ වගේ එකක් නම් නෙවෙයි !!
page 1 bookmark කරගන්න උත්තරේ තව ටිකකින් කියන්නම්.

පිළිතුර පෙන්වන්න


ප.ලි. -
කැත හිත ?? නෑ නෑ ‍ජපන මේක බොහොම සත් භාවයෙන් කරපු වැඩක්
මං කියන්න ඕනෙ නැහැ හරි උත්තරේ ඕං unknown මහතා දීල තියෙනවා...




අවසන් ගීය ගැයූ ඇය (Amy Winehouse)

මතකද මීට මාස හයකට පමණ ‍පෙර අපි කථා කළා Amy Winehouse කියන සුන්දර තරුණ ගායිකාව
මත්දව්‍ය එක්ක එකතුවෙලා තමන්ගෙ ජීවිතයට කරගන්න හදන විනාසය ගැන.


එදා Amy Winehouse ‍ගෙ photos ටික දැක්කහම
අනේ Amy, දැන්වත් ඔව නවත්තල ටිකක් හැදියං කියල හිතුන නේද?
අපිට එහෙම හිතුනට Amyට ඒව නවත්වගන්න බැරිවුනා.
මීට දවස් තුනකට කලින් (2011 ජුලි 23) Amy, ඒයාගේ මෙහෙයුමේ කූටප්ප්‍රාප්තියට පැමිණුනා.
ඒ Amyගෙම ලන්ඩන් වල පිහිටි නිවස තුලදී.



(Amy ගේ නිසල දේහය පෞද්ගලික ගිලන්රථයකට නංවමින් )


(Amyගේ රසිකයන් ඇයගේ නිවස ඉදිරිපස තම ශෝකය පළ කළ අයුරු )

Amy ඉපදුනේ 1983 දෙසැම්බර් වල, ඒකියන්නේ තාම වයස අවුරුදු 27යි.
Amy සය වරක් Grammy Award වලට නිර්දේශ වී, පස්වරක් ජයග්‍රහනය කරල තියෙනව.

මේ වගේ මතට ඇබ්බැහි වෙච්ච අයට මේ පාර නම් කියන්න වෙන්නේ, ඉක්මනින් බීල චුතවෙයල්ලා කියල තමයි.

Captured from same planet

මේ තියෙන්නේ ක්ෂීරපථය නම් මන්දාකිණියේ පිහිටි,
කු‍ඩා ග්‍රහ ලෝකයක ස්ථාන කීපයකින් ලබාගත් ජායාරූප කිහිපයක්.




















































පිරිසක් මෙය සුරපුරක් බවද, තවත් පිරිසක් මෙය
අපායක් බවද හඳුනාගෙන ඇත.




Related Posts with Thumbnails